October 2, 2026

මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා වෙන්කරවා ගත හැකි බවට පැතිර යන තොරතුරු සාවද්‍ය බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම මහජනතාව වෙත දැනුම් දෙයි.

සමාගමට අනුව මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා කුලියට ලබාදීම හෝ වෙන්කරවා ගැනීම සඳහා කිසිදු පහසුකමක් සපයා නොමැත.

එබැවින්, මෙවැනි සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිවැරදි හා නිල තොරතුරු සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් නිල සන්නිවේදන මාධ්‍ය පමණක් අනුගමනය කරන ලෙසත් සමාගම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.