
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය මූල්‍ය කාරක සභාව පවසන්නේ, සිමෙන්ති සමාගම් දළ වශයෙන් සිමෙන්ති කොට්ටයක් විකිණීමෙන් රුපියල් 700ක ලාහයක් ලබන බවයි.
වරායට ගොඩබාන සිමෙන්ති මිල සහ විකුණුම් මිල අතර සියලු බදු අඩු කළ පසු රුපියල් 700කට ආසන්න ලාභයක් ඇති බව රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ දී අනාවරණය වී ඇත.
තාවකාලිකව පත් වූ නව කාරක සභා සභාපති පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රැස් වූ කමිටුවේ දී ඔහු මෙම කරුණු දැක්වීම සිදු කර ඇත.
සිමෙන්ති සහ යකඩවල සියලු බදු අඩු කිරීමෙන් පසු ද විකුණුම් මිල අතර විශාල පරතරයක් ඇති බව පෙනී යන බැවින් ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කමිටු සභාපතිවරයා මුදල් අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.
සිමෙන්ති අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී අයකරන සෙස් බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 02 කින් වැඩිකිරීමට කමිටු රැස්වීමේදී සාකච්ඡා කර ඇත.
එහෙත් සෙස් බද්ද ඉහළ දැමීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල විය හැකි බවද සභාපතිවරයා පෙන්වාදී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘති රැසක වැඩ කටයුතු අතරමග නතර වී ඇති බව ද, මින් පෙර ලක්ෂ 12කින් ඉදිකළ නිවසකට මේ වන විට අවම වශයෙන් ලක්ෂ 24ක් වැය වන බව ද එම නිළධාරින් පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart