
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිද්දෙණියේ කජ්ජා, ඔහුගේ දරු දෙදෙනා ඇතුළු දකුණු පළාතේ සිදුකළ පාතාල මිනිස් ඝාතන රැසකට යොදාගත් කෙහෙල්බද්දර පද්මේට අයත් අවි ආයුධ තොගයක් මතුගම සිට මිද්දෙණියට රැගෙන ගොස් පාතාල කුලී ඝාතකයන් වෙත ලබාදුන් බව අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි නමැති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.
‘බැකෝ සමන්’ නමැති පාතාල නායකයාගේ උපදෙස් සහ සම්බන්ධීකරණය යටතේ මෙම අවි ආයුධ තොගය භාරදීම සිදුකළ බවත් ඒ වෙනුවෙන් තමන් කිසිදු මුදලක් ලබානොගත් බවත් සැකකරු පවසා තිබේ.
මෙසේ පාතාලයට ලබාදුන් අවි ආයුධ අතර ටී 56 අවි 3ක්, පිස්තෝල අවි 05ක් සහ ජීව උණ්ඩ විශාල තොගයක් තිබූ බවද සැකකරු අනාවරණය කර ඇත.
මිද්දෙණියේදී ‘කජ්ජා’ සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කළේ තමන් ලබාදුන් ටී 56 ගිනි අවියකින් බවද සැකකරු ප්‍රකාශ කර තිබේ.
පොලිසිය පවසන්නේ, සම්පත් මනම්පේරිට තිබූ දේශපාලන බලය සහ ආරක්ෂක අංශවල සම්බන්ධතා පාවිච්චි කරමින් මෙම අවි ආයුධ ප්‍රවාහනය කිරීම සිදුකර ඇති බවයි.
සම්පත් මනම්පේරි විසින් මෙසේ රැගෙන ගිය අවි ආයුධ යුද හමුදාවෙන් හොරාගත් ඒවා බවටද පොලිසිය සැකකරයි. මේ වනවිට අත්අඩංගුවේ පසුවන ලුතිනන් කර්නල්වරයා සහ කොට්ඨාව බළකායේ සැරයන්වරයා අවි ආයුධ රැසක් පාතාලයට අලෙවි කර ඇති බව තොරතුරු ලැබී තිබිණි. මෙම ආයුධත් ඔවුන් අලෙවි කළ ඒවා බවට පොලිසිය සැක පහළ කරයි.
සම්පත් මනම්පේරි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සිට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ ලින්ටන් සිල්වා යන මහත්වරුන් වෙත භාරදීමෙන් පසු මෙම තොරතුරු අනාවරණය කර තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart