
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relation and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ නියෝගයක් පරිදි විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම නිලධාරියා එක්තරා අවස්ථාවක විදේශයක ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් ලබාදීම සඳහා දින නවයක සංචාරයකට සහභාගි වී ඇති බවටත්, එම කටයුත්තට ලක්ෂ තිහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණයවී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම විදේශ සංචාරක රැසකට හිතුමතේ සහභාගිවී ඇති බවටද ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.
තවද මෙම හිටපු ප්‍රධානියා පසුගිය කාලසීමාව වාහන අසීමිතව අවභාවිත කර ඇතැයිද එම විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී තිබේ.
මේ අතර, පාර්ලිමේන්තුවේ වාහන හිමිකම නොමැති නිලධාරිනියක සහ නිලධාරියකු එහි වාහන දෙකක් නිල වාහන ලෙස පාවිච්චි කරන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුවි ඇත.
පාර්ලිමේන්තුවෙන් නිල වාහනයක් හිමිවන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පමණකැයි පැවසේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart