
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දුම්රිය දෙපාර්තමේන්තු කම්කරුවකු දුම්රියේ හැපී මියගොස් ඇති බව වාර්තා වේ.
ගම්පොළ පොලිසිය පවසන්නේ මෙය සියදිවි නසාගැනීමක් බවයි.
ත්රීරෝද රථයකින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් යකඩ සිල්පර කොටයක් ප්රවාහනය කරමින් සිටියදී එහි රියදුරු ගම්පොළ පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේදී ත්රිරෝද රථයේ පිටුපස ගමන්ගත් මෙම පුද්ගලයා ත්රීරෝද රථයෙන් පැන පළාගොස් තිබෙන බව පොලීසිය පවසයි.
මෙලෙස පළාගිය පලාගිය 46 හැවිරිදි ගම්පොළ, කහටපිටිය දුම්රිය නිවාස වල පදිංචි පුද්ගලයා උඩෝවිට, වැලිගල්ල ප්රදේශයේදී දුම්රියට ගෙල තබා සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගම්පොළ පොලිසිය සිදුකරන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart