
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙඩි ප්‍රහාරයකට ලක්ව ඉදිරි වම් පාදයට බරපතළ තුවාල සිදුව මාස තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හස්තියාට ඖෂධවලට හැර ආහාර සඳහා පමණක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දිනකට රුපියල් තිස් දහසත්, හතළිස් දහසත් අතර මුදලක් වැය කරන බව එම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙලෙස ද කීවේය.
“බරපතළ තුවාල ලබා සිටි අග්බෝ හස්තියා සම්බන්ධයෙන් තොරතුරු ලද වහා ක්‍රියාත්මක වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම හස්තියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර දැනට මාස තුනක් ගතවී තිබෙනවා. හස්තියාගේ තුවාලය සම්පූර්ණයෙන් සුව වීමට තවත් මාස තුනක පමණ කාලයක් ගත වෙයි. ඒ අනුව අග්බෝ හස්තියාට ප්‍රතිකාර සඳහා වැයවන ඖෂධ සහ ආහාර සඳහා යන වියදම් නිශ්චිතව කියන්න බෑ.
තිරප්පනේ වන්නම් මඩුව වැව් ඉස්මත්තේ සහ ඒ අවට රක්ෂිතයේ සැරිසරන අග්බෝ හස්තියා පසුපසම සිට හැසිරීම අධීක්ෂණය කරමින් රැකවරණය සැලසීමට පියවර ගෙන තිබෙනවා. පෙරේදා (16) හවස හස්තියාගේ රුධිරය පරීක්ෂා කිරීමෙන් පසු නිර්වින්දනය කර තුවාල විෂබීජහරණය කළා. පසුව එම වෛද්‍ය කණ්ඩායම ස්කෑන් සහ එක්ස්රේ පරීක්ෂණයක් සිදු කර ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කරනවා.”
වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ, පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ අනුරාධපුර වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ යන අයගේ මූලිකත්වයෙන් වෛද්‍යවරු සහ නිලධාරීහු කණ්ඩායමක් මේ සඳහා එක්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart