
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා අත්හිටුවීමට නියමිතව ඇත.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ.සී.එන්.පෙරේරා සඳහන් කර ඇත්තේ, පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීම මෙම අත්හිටුවීමට හේතු වී ඇති බවයි.
ඒ අනුව හෙටින් අවසන් වන වාහන ආදායම් බලපත්‍ර, අතිරේක ගෙවීමකින් තොරව ඔක්තෝබර් 10 වැනිදා සිට අලුත් කළ හැකි බව ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මේ අතර, www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය හරහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ද සැප්තැම්බර් 24 මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා ඇති අතර එම සේවාව ඔක්තෝම්බර් 06 වැනිදා දක්වා ක්‍රියාත්මක නොවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart