March 16, 2026

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මියගොස් ඇති බවට පැතිරෙන කටකතා මධ්‍යයේ, ඔහුගේ X ගිණුමේ අගමැතිවරයා කෝපි කෝප්පයක් බොන වීඩියෝවක් පළකර ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මියගොස් ඇති බවට පැතිරෙන කතා මීට පෙර ඔහුගේ කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, මෙම වීඩියෝව, එම කටකතාවලට ප්‍රතිචාරයක් ලෙස සැළකේ.

ඉරිදා(15) සවස නෙතන්යාහු කෝපි එකක් බොමින් සිටින ආකාරය සහ කටකතා ගැන විමසන ආකාරය දැක්වෙන වීඩියෝවක් පළකරන ලද බව ඊශ්‍රායල ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන ජෙරුසලම් පෝස්ට් වාර්තා කළේය.

“මම කවුද කියලා ඔවුන් කියනවා?” යන මාතෘකාව ද එම සටහනේ තිබේ.