
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ.
ඒ. ඉකුත් ඔක්තෝම්බර් 01 වනදා ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවට ප්‍රතිචාර ලෙසය.
ඒ අනුව, ඊශ්‍රායලය අද උදෑසන ඉරානයට ප්‍රතිප්‍රහාර මාලාව එල්ල කිරීම ආරම්භ කළ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා මගින් ඉරානයේ ටෙහෙරාන් නුවරට පහරදෙන බවත් ඉලක්කය වී ඇත්තේ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථාන බවත් සඳහන් වේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ, ටෙහෙරාන් නුවරින් විශාල ගිනිදැල් සහ පිපිරීම් ශබ්ද ඇසුණු බවයි.
හමුදාව ඉරානයට පහරදෙන අවස්ථාවේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සහ ආරක්ෂක අමාත්‍ය යෝව් ගාලන්ට් ඉහළ ආරක්ෂක නිලධාරීන් සමග භූගත බංකරයක සිට එය මෙහෙයවා ඇතැයි වාර්තා වේ.
ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් අමෙරිකාව දැනුවත් කර ඇතැයි ද සඳහන් වේ.
ඒ අනුව අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලය පවසන්නේ, ඊශ්‍රායලයේ ප්‍රහාරය ස්වයං ආරක්ෂක ක්‍රියාවක් බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart