
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා මියගොස් ඇතැයි ඊශ්‍රායල හමුදාව තහවුරු කරයි.
ලෙබනනයේ බේරූට් අගනුවර පිහිටි හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රය ඉලක්ක කර ඊයේ ඊශ්‍රායල හමුදාව ප්‍රහාර එල්ල කර තිබිණි.
එම අවස්ථාවේදී එම මූලාස්ථානය තුළ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රබලයන් රැසක් එක්ව සිටි බව ද වාර්තා විය.
කෙසේවෙතත් ප්‍රහාරයෙන් අනතුරුව හිස්බුල්ලා නායක හසන් නසරල්ලා පිළිබඳ කිසිඳු තොරතුරක් වාර්තා නොවන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
ඊශ්‍රායල හමුදාව මේ වනවිට තහවුරු කරන්නේ, සිය ප්‍රහාර මාලාව හමුවේ හිස්බුල්ලා නායක හසන් නසරල්ලා මියගොස් ඇති බවයි.
එම් ස්ථානයට රැස්ව සිටි හිස්බුල්ලා සංවිධානයේ තවත් ප්‍රධානීන් රැසක් ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ මියගොස් අතැයි පැවැසේ.
එමෙන්ම හිස්බුල්ලා නායක නසර්ල්ලාගේ දියණිය ද ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇතැයි සඳහන් වේ.
ඊශ්‍රායලය ගුවනින් එල්ල කළ බෝම්බ ප්‍රහාර හමුවේ හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ල ඇතුළු තවත් ගොඩනැගිලි කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර සුන්බුන් පවා ගිලා බැස ඇති අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart