May 10, 2025

පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් යොමුකරන අතුරු ප්‍රශ්න සඳහා ආණ්ඩු පක්ෂය පිළිතුරු ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සිය විරෝදය පළකළේය.

එහිදී මන්ත්‍රීවරයා විමසා සිටියේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන්නේ අලුත් සංස්කෘතියක් ද යන්න සම්බන්ධවයි.

අමෙරිකාව පනවා ඇති නව තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමෙරිකාවට ගොස් සිටින රජයේ නියෝජිතයින් එහිදී සාකච්ඡා කරනන්නේ කවුරුන් සමගින් ද යන්න මන්ත්‍රීවරයා අතුරු ප්‍රශ්නයක් ලෙස ආණ්ඩු පක්ෂය වෙත යොමු කර තිබිණි.

එහිදී ආණ්ඩු පක්ෂයෙන් ලැබුණු පිළිතුරු වූයේ එම සාකච්ඡා පිළිබඳ ඊට අදාළ විවාදයේදී තොරතුරු ලබා දෙන බවයි.

ඊට විරෝධය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විමසා සිටියේ අතුරු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා ගැනීමට විවාද කරන තුරු බලා සිටිය යුතු ද යන්නයි.