
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනා අනාවරණය කරගැනීම සඳහා පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.
එම සිද්ධියේ මහමොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිනම් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසත් අභියෝග කරමින් නඩුවේ සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට සිකුරාදා (17) දැනුම් දී තිබිණි.
මෙම හෙළිදරව් කිරීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව සඳහන් කරන්නේ, දැනට සිදුකෙරෙන විමර්ශනයේදී ඊට සම්බන්ධ සියලුදෙනා හෙළිවනු ඇති බවයි.
මේ අතර, වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංගමය පසුගිය සතියේ ප්‍රකාශ කළේ, ප්‍රමිතියෙන් තොර ඉන්ට්රාවේනස් ඉමියුනොග්ලොබියුලින් කුප්පි සම්බන්ධ වංචාව පිටුපස සිටින මහමොළකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය මන්දගාමී බවයි.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කළ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාජ ලියකියවිලි යොදාගනිමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කළ බවට චෝදනා ලැබූ එහි හිමිකරුට සහ මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ බව කියන රජයේ ඉහළපෙළේ නිලධාරීන් දෙදෙනෙකුට අධිකරණය විදෙස් ගමන් තහනම් කළේය.
ඉමියුනොග්ලොබියුලින් ඖෂධයේ ආන්දෝලනාත්මක කාණ්ඩය භාවිත කිරීම දැනට පවතින පරීක්ෂණ හේතුවෙන් තාවකාලිකව නතර කර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිද්ධියෙන් පසු නිවේදනය කළේ, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇති බවයි.(Sunday Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart