
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින්, Thales DIS Finland Oy/Just in Time (JIT) සමාගම වෙත ඊ-විදේශ ගමන් බලපත්‍ර මිලියන 3.15 ක් සඳහා ප්‍රධාන ටෙන්ඩරයක් ප්රදානය කිරීමට සූදානම් වෙමින් සිටී.
කෙසේවෙතත්, මෙම ගනුදෙනුව රජයට මිල අධික ‘උගුලක්’ නිර්මාණය කළ හැකි බවට කනස්සල්ල මතු වී ඇතැයි Sunday Times පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මෙම ගිවිසුම යටතේ, සමාගම තමන්ගේම වියදමින් ඊ-විදේශ ගමන් බලපත්‍ර පද්ධතියට අවශ්‍ය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ස්ථාපනය කර නඩත්තු කරනු ඇත.
ඉන්පසු රජය මුද්‍රණය කරන සෑම විදේශ ගමන් බලපත්‍රයක් සඳහාම යුරෝ 1.04 ක් එනම්, රුපියල් 302.23 ක් ගෙවනු ඇති අතර, විදේශ ගමන් බලපත්‍ර 60,000 ක් මත පදනම්ව අවම මාසික ගෙවීමක් සිදුකරනු ලැබේ.
වසර පහකට පසු, හෝ විදේශ ගමන් බලපත්‍ර මිලියන 3.15 ක් නිෂ්පාදනය කළ පසු, දෘඩාංග ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට (DIE) භාරදෙනු ලැබේ.
එහෙත් නිලධාරීන් අනතුරු අඟවන්නේ, අදාළ සමාගම විසින් පාලනය කරනු ලබන විශේෂ මෘදුකාංග නොමැතිව මෙම යන්ත්‍ර ක්‍රියාකළ නොහැකි බවයි.
ලංසු තැබීමේ ක්‍රියාවලියේදී අනාගත මෘදුකාංග බලපත්‍ර සහ නඩත්තු වියදම් සඳහා සීමාවන් නියම කිරීමට දෙපාර්තමේන්තුව අසමත් වී ඇති බව වාර්තාව පෙන්වාදෙයි.
මෙයින් අදහස් කරන්නේ සමාගමට පසුව මෘදුකාංග අලුත් කිරීම් සඳහා ඉහළ මිලක් අයකළ හැකි බවයි.
ඔරකල් කෝපරේෂන්, මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෘදුකාංග සහ ප්‍රති-වයිරස සේවා වැනි පද්ධති සඳහා බලපත්‍ර ගාස්තු ගෙවීමට ද රජයට සිදුවනු ඇත.
බදු ගෙවන්නන් සඳහා අනපේක්ෂිත දිගු කාලීන පිරිවැය වළක්වා ගැනීම සඳහා ටෙන්ඩරය ප්‍රවේශමෙන් සමාලෝචනය කරන ලෙස විශේෂඥයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද Sunday Times වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart