May 26, 2026

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ මේ දක්වා උද්ධමනය සම්බන්ධයෙන් පැවැති රජයන්ට විපක්ෂ කණ්ඩායම් විසින් චෝදනා එල්ල කළ බවයි.

එම අවස්ථාවලදී එල්ල වූ චෝදනාව වූයේ රජය විසින් මුදල් නිකුත් කිරීම නිසා උද්ධමනය සිදුවන බව යැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.

”මෙච්චරකල් කියලා තිබ්බේ උද්ධමනය කියන්නේ ආණ්ඩුව සල්ලි අච්චු ගහන නිසා උද්ධමනය වැඩි වුනා කියලා. මේකෙ උද්ධමනය වැඩි වෙන්න අච්චු ගැහුවද? ඕන තරම් සල්ලි අතේ තියෙනවා කියලා කියනකොට, සංචිත තියාගෙන ඉන්නකොට, අපනයන වැඩි කියලා කියනකොට කොහොමද මේ උද්ධමනය වැඩිවෙන්න පුලුවන් විදිහට ප්‍රශ්නයක් ඇතිවෙලා පොලී අනුපාතය වැඩි කළේ. පොලී අනුපාතය වැඩි කරන්න අවශ්‍ය වුනේ උද්ධමනය නිසා. උද්ධමනය වැඩිවෙන්න හේතු වන්නේ ඉල්ලුම නෙමෙයි නම් එහෙනම් ආර්ථිකය සංකෝචනය කරන්න ඇයි මෙහෙම කටයුත්තක් කරන්නේ. අපි මේ ප්‍රායෝගික ප්‍රශ්න අහන්නේ නොදැනුවත්ව නෙමෙයි. අපි එදා කියලා තියෙනකොට මේක තර්ක විතර්ක කරලා පෙන්නුවා අපි නොදන්නා මට්ටමට මේ ප්‍රශ්න අහනවා කියලා. අපි අහන්නේ මේ මහ බැංකුව ස්වාධීනත්වය අරගෙන ආණ්ඩුවට මොනවගේ ප්‍රශ්නයක් ඇති කරන්න හදනවද කියලා.”