
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉඟිනිමිටිය ජලාශයේ වැව් තාවුල්ලේ සිදුකරන බව කියන අනවසර වගාවක් පිළිබඳව සොයාබැලීම සඳහා තවත් කිහිපදෙනකු සමග එහි ගොස් ඇති ඉගිනිමිටිය වාරිමාර්ග කාර්යාලයේ සේවය කරන සැලසුම් ශිල්පියකු එම ජලාශයේ ගිලී අතුරුදන්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.
ඊයේ 10 සවස එම ජලාශයේ ගිලී මෙසේ අතුරුදන් වී ඇත්තේ, ඉගිනිමිටිය වාරිමාර්ග කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි ඩී.පී.සමීර සඳරුවන් ප්‍රේමසිරි (අවු.29) නමැති අයෙකි.
ඔහු කුරුණෑගල දෙමටගහපෑලැස්ස පදිංචිකරුවෙකි.
මෙම සැලසුම් ශිල්පියා අතුරුදන්වී ඇති බැවින්, ඔහු ජලාශයට වැටී අතුරුදන්වෙන්නට ඇතැයි සිතා ඔහු සොයාගැනීමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථවී ඇති බවත් නවගත්තේගම පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart