
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රාසජනක සබ්මැරීන වීඩියෝ ක්‍රීඩාවක් වන ‘අයන් ලන්ග්'(Iron Lung) හි අලෙවිය පසුගිය දිනවල ශීඝ්‍ර ලෙස ඉහළගොස් තිබේ.
අමෙරිකානුවකු වන Iron Lungහි නිර්මාතෘ ඩේවිඩ් සිමන්ස්කි(David Szymanski) පවසන්නේ ටයිටැනික් නෞකාව ගවේෂණය කිරීමට සාගරයේ කිමිදී අනතුරට පත් ටයිටන් සබ්මැරීනය හේතුවෙන් මෙලෙස සිය වීඩියෝ ක්‍රීඩාවේ අලෙවිය ඉහළ යන්නට ඇති බවයි.
කෙසේවෙතත් මෙය යහපත් ප්‍රවනතාවක් නොවන බවද ඔහු ට්විටර් සටහනක් තබමින් පවසා ඇත.
Iron Lung වීඩියෝ ක්‍රීඩාව හඳුන්වාදෙනු ලැබුවේ 2022 වසරේ දී ය.
මෙම ක්‍රීඩාවේදී “යකඩ පෙනහළු” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කුඩා, මලකඩ සහිත සබ්මැරීනයක, පාළු සඳක් මත, ලේ සාගරයක් ගවේෂණය කරන, නම් නොකළ පුද්ගලයකු ක්‍රීඩකයා පාලනය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart