March 5, 2026

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ස්ථානයකදී ඇමරිකානු සබ්මැරීනයක් විසින් ඉරාන නාවික හමුදා යුද නෞකාවක් ගිල්වා දැමීමෙන් දිනකට පසු, ඉරාන විදේශ අමාත්‍ය සයිඩ් අබ්බාස් අරග්චි අනතුරු අඟවා ඇත්තේ, අන්තර්ජාතික මුහුදේදී සිය නෞකාවක් විනාශ කිරීම වෙනුවෙන් එක්සත් ජනපදය ‘දරුණු වන්දියක්’ ගෙවනු ඇති බවයි.

අරග්චි බ්‍රහස්පතින්දාසිය X ගිණුමේ හරහා පණිවිඩයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ, “ඇමරිකා එක්සත් ජනපදය ඉරාන වෙරළට සැතපුම් 2,000 ක් දුරින් මුහුදේදී සාහසික ක්‍රියාවක් සිදුකර ඇත” යනුවෙනි.

නාවිකයින් 130 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් ඉන්දියානු නාවික හමුදාවේ අමුත්තෙකු වූ IRIW Dena නෞකාවට අනතුරු ඇඟවීමකින් තොරව අන්තර්ජාතික මුහුදේදී පහර දුන් බව ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසීය, “මගේ වචන මතක තබා ගන්න: එක්සත් ජනපදය එය තැබූ පූර්වාදර්ශය ගැන දැඩි ලෙස කනගාටු වනු ඇත.”

ඊයේ, එක්සත් ජනපද යුද ලේකම් පීට් හෙග්සෙත් බදාදා තහවුරු කළේ, එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ලකර, ශ්‍රී ලංකාවට බටහිරින් ඉරාන නාවික හමුදා නෞකාවක් වන IRIS Dena ගිල්වා දැමූ බවයි.

පෙබරවාරි 16 වැනි දින ඉරාන නෞකාව ඉන්දියාවේ විශාකාපට්නම් වරායට යාත්‍රාකර තිබූ අතර එහිදී රටවල් හැත්තෑ හතරක සහභාගිත්වයෙන් යුද අභ්‍යාසයක් පවත්වා තිබිණි.