
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 අගභාගයේදී ඉරානය රහසිගතව චීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් ලබාගෙන ඇති බවත්, එමඟින් දැනට පවතින යුද්ධය අතරතුර මැදපෙරදිග පුරා පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කිරීමට ඔවුන්ට හැකි වී ඇති බවත් ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත වාර්තා කළේය.
කෙසේ වෙතත්, බීජිං පාලනය මෙම පුවත අසත්‍යයක් ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
චීන සමාගමක් වන අර්ත් අයි (Earth Eye Co) විසින් නිෂ්පාදනය කර අභ්‍යවකාශගත කරන ලද ‘TEE-01B’ චන්ද්‍රිකාව, චීනයේ සිට දියත් කිරීමෙන් පසුව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අභ්‍යවකාශ බලකාය විසින් අත්පත් කර ගත් බව රහසිගතව නිකුත් වූ ඉරාන හමුදා ලේඛන උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කරයි.
කාලසටහන්ගත කරන ලද පිහිටුම් ලැයිස්තු, චන්ද්‍රිකා ඡායාරූප සහ කක්ෂීය විශ්ලේෂණයන් උපුටා දක්වමින් එම පුවත්පත පවසන්නේ, ප්‍රධාන අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන නිරීක්ෂණය කරන ලෙස ඉරාන හමුදා අණදෙන නිලධාරීන් මෙම චන්ද්‍රිකාවට උපදෙස් දී ඇති බවයි.
අදාළ ස්ථානවලට එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට පෙර සහ පසුව මාර්තු මාසයේදී මෙම ඡායාරූප ලබාගෙන ඇති බව ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාව වැඩිදුරටත් පවසයි.
මෙම ගනුදෙනුවේ කොටසක් ලෙස, ආසියාව, ලතින් ඇමරිකාව සහ අනෙකුත් කලාප පුරා විහිදුණු ජාලයක් සහිත, බීජිං පදනම් කරගත් චන්ද්‍රිකා පාලන සහ දත්ත සේවා සපයන ආයතනයක් වන එම්පෝසැට් (Emposat) විසින් මෙහෙයවනු ලබන වාණිජ භූමික මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) ලැබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.
එම චන්ද්‍රිකාව මාර්තු 13, 14 සහ 15 යන දිනවල සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරේ ඡායාරූප ලබාගෙන ඇති බව ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart