
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙර ගනුදෙනු සඳහා ගෙවිය යුතුව ඇති මුදල් පියවීම සඳහා ඉරානය සමඟ මෙරට සිදුකරන භාණ්ඩ හුවමාරු වෙළඳාම (තෙල් සඳහා තේ) මැදපෙරදිග අර්බුද හමුවේ අවදානමට ලක්විය හැකි බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව 2023 දී ඉරානයට තේ හුවමාරු කිරීම ආරම්භ කළේ තෙල් සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 250 වෙනුවටය.
මාස 48 කදී සෑම මසකම ඩොලර් මිලියන 5ක තේ යැවීමට ඒ සඳහා දෙරට අතර එළැඹුනු ගිවිසුමින් එකග වී තිබේ.
භාණ්ඩ හුවමාරු වැඩසටහන යටතේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලංකා අපනයනකරුවන් හරහා තේ නැව්ගත කිරීම සඳහා තේ මණ්ඩලයට ඊට අදාළ මුදල් ලබාදීමට නියමිතය.
එහිදී ඉරාන තේ ආනයනකරුවන් විසින් ජාතික ඉරාන තෙල් සමාගමට රියාල් මගින් මුදල් ගෙවීමට එකඟ වී ඇත.
වත්මන් තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පළකළ අදහස් දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ, ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 145ක් පියවීමට ඇති බවයි.
මැදපෙරදිග අර්බුදය දිග්ගැස්සුනහොත් තේ අපනයනය සුරක්ෂිත කිරීම සඳහා විකල්ප සොයාබැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කර එහි පළමු රැස්වීම පවත්වා ඇති බව ද ඔහු පවසා ඇත.
ඔහු පවසා ඇත්තේ ඉරානය ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් සියයට තුනකට වඩා වැඩි ප්‍රමාණයකට දායක වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart