
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තේ ආනයනය කිරීමේදී ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීමට සූදානම් බව ඉරානය පවසා තිබේ.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මෙරට ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් ප්‍රකාශ කළේ, කලාපීය අස්ථාවරත්වය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමට ඉරානය සූදානම් බවයි.
ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම් පැවැති දින 12 ක කාලය තුළ මැදපෙරදිග කලාපය තුළ උද්ගත වී තිබූ අස්ථාවරත්වය හමුවේ තේ ආනයනය සඳහා නොව සියලු වෙළඳ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වූ බවත්, සියලු වරාය කටයුතු ක්‍රියාත්මක වූයේ විශේෂ කොන්දේසි යටතේ බවත්, සටන් විරාමයෙන් පසුව දැන් වරාය විවෘතව, මාර්ග ආරක්ෂිතව, තේ අපනයනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත් තානාපතිවරයා පැවැසුවේය.
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන ද්විපාර්ශ්වික වෙළඳාම බලශක්ති සහයෝගීතාව සහ තේ අපනයනය ඔස්සේ ප්‍රධාන වශයෙන් සිදුකෙරේ.
අර්බුදකාරී කාලවලදී පවා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල ඔරොත්තු දීමේ හැකියාව සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයනය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට ඉරානය සූදානම් බව ද තානාපතිවරයා පැවැසුවේය.
විදේශ අමාත්‍ය විජිත හේරත් සමග පැවැති සාකච්ඡා පිළිබඳ අදහස් දක්වමින් ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් පැවැසුවේ මැදපෙරදිග තත්ත්වය පිළිබඳව ඔහුට දැනුම් දීම සහ වෙළඳ කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බවයි.
අමාත්‍යවරයා තේ අපනයනය ඉහළ නැංවීම පිළිබඳ විමසූ බවත්, ඉරානය ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයනය උපරිම කිරීමට සූදානම් බව තමන් තහවුරු කළ බවත් ඔහු වාර්තාකරුවන්ට පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart