March 23, 2026

“සතුරු නොවන රටවලට” හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඇති එකම මාර්ගය “ඉරානය සමඟ සම්බන්ධීකරණය” බව ඉරානයේ ඉහළම මට්ටමේ ආරක්ෂක ආයතනය වන ආරක්ෂක කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

ඉරාන ජනමාධ්‍ය විසින් ප්‍රකාශයට පත්කරන ලද අදාළ ප්‍රකාශයේ දැක්වෙන්නේ, “ඉරාන වෙරළ තීරයට හෝ දූපත්වලට පහරදීමට සතුරා ගන්නා ඕනෑම උත්සාහයක්” ගල්ෆ් කලාපයේ “සියලු ප්‍රවේශ මාර්ග” අවහිර කිරීමට හේතුවනු ඇති බවයි.

එවැනි ප්‍රහාරයකදී, “හෝමූස් සමුද්‍ර සන්ධියට අමතරව, මුළු (පර්සියානු) ගල්ෆ් ප්‍රදේශයම ප්‍රායෝගිකව අවහිර කරනු ලබන අතර, “වගකීම ආක්‍රමණිකයාට අයත්” බව ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.