
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකානු ප්‍රහාරයකින් විනාශ වූ IRIS Dena යුද නෞකාවේ සිටියදී මියගිය නාවිකයන්ගේ දේහ තැන්පත් කර තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප ඉරානය ප්‍රසිද්ධ කර තිබේ.
ඉරානය විසින් මෙම මියගිය පිරිස ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිවිපිදූ ‘නාවික ප්‍රාණපරිත්‍යාගීන්’ ලෙස හඳුන්වා ඇත.
ගාල්ල වෙරළට නාවික සැතපුම් 40ක් පමණ දුරින්දී ඇමරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ IRIS Dena නෞකාවේ නාවිකයන්ට ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බාකේ, සිය රටේ උපහාරය පුදකරන බව පවසා තිබේ.
එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව “යුද අපරාධයක්” සහ අන්තර්ජාතික නීති උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්වූ ඔහු, ඉරාන ජනතාව මෙය කිසිසේත් අමතක නොකරන බව ද අවධාරණය කරයි.
ඉරානය මෙම ප්‍රහාරය සාමාන්‍ය හමුදාමය ක්‍රියාවක් ලෙස නොව, ත්‍රස්තවාදී ප්‍රහාරයක් සහ යුද අපරාධයක් ලෙස හඳුන්වයි.
ඉරාන රජය විසින් මියගිය නාවිකයන්ගේ දේහයන් සහිත මිනීපෙට්ටිවල ඡායාරූප ප්‍රසිද්ධියට පත්කළේ අන්තර්ජාතික අවධානය දිනාගැනීමට සහ ඇමරිකාවේ ක්‍රියාව හෙළාදැකීමට බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ප්‍රහාරයෙන් ඉරාන නාවිකයන් 104 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී නාවිකයන් 32 දෙනෙකු මුදාගැනීමට සමත් වූ අතර, මියගිය නාවිකයන් 84 දෙනෙකුගේ දේහයන් ඊයේ මත්තල ගුවන් තොටුපළ හරහා ඉරානය වෙත යැවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart