April 21, 2024

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ ශ්‍රී ලංකා සංචාරය මෙතෙක් තහවුරු වී නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වී තිබේ.

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා විය.

ඉහළපෙළේ රජයේ ආරංචි මාර්ග හෙළිකර ඇත්තේ සංචාරය පිළිබඳ අවශ්‍ය තොරතුරු ඉරාන පාර්ශ්වයෙන් විදේශ අමාත්‍යාංශයට තවමත් ලැබී නොමැති බවයි.

ඒ අනුව රයිසිගේ සංචාරය තවමත් තහවුරු වී නොමැති බව පැවසේ .

මෙම සංචාරය පිළිබඳව අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

ඉරාන ආධාර යටතේ ක්‍රියාත්මක වන උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ජනාධිපති රයිසි අප්‍රේල් 24 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව පසුගිය සතියේ ප්‍රවෘත්ති වාර්තා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය 2015 වන විට අවසන් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද, අනපේක්ෂිත ප්‍රමාදයකට මුහුණ පෑමට සිදු වූ නිසා එය මේ මාසයේ දියත් කිරීමට නියමිතය.

කෙසේවෙතත්, ඉරානය සහ ඊශ්‍රායලය අතර වර්ධනය වන ආතතිය හේතුවෙන් ඉරාන ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබේ.

 

(The Sunday Morning )