
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩයබරා සහ පුහුල්පොල යන වේලි දෙකක් සහ කිලෝමීටර් 25ක ජල සම්ප්‍රේෂණ උමං මාර්ගයක් ඇතුළත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අප්‍රේල් 24 වන දින ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි (Ebrahim Raisi) විසින් විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.
ඉරාන ජනාධිපතිවරයා 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත තහවුරු කර තිබේ.
ඉරානයේ ටෙහෙරාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට, උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉරාන සමාගම්වල විශිෂ්ටතම තාක්ෂණික සහ ඉංජිනේරු සේවා ව්‍යාපෘතියක් ලෙස සැළකේ.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් කොළඹ නගරයේ සිට කිලෝමීටර් 200ක් දුරින් පිහිටා ඇත.
ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කෘෂිකාර්මික ඉඩම් අක්කර 5000ක වාරිමාර්ග වැඩිදියුණු කිරීම, ජලය ඝන මීටර් මිලියන 145ක් හුවමාරු කිරීම සහ වසරක් තුළ ගිගාවොට් 290ක විදුලිය ජනනය කිරීමයි.
මෙම ව්‍යාපෘතිය ඉරාන කොන්ත්‍රාත්කරුවන් විසින් විදේශයන්හි ක්‍රියාත්මක කරන විශාලතම ව්‍යාපෘතියක් වේ.
2023 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි ඉරානයට ගොස් ඔහුගේ ඉරාන විදේශ ඇමැති හොසේන් අමීර් අබ්දුල්ලාහියන් ටෙහෙරානයේදී හමුවිය.
විදේශ ඇමැතිවරුන් දෙදෙනා කලාපීය සහ අන්තර්ජාතික මට්ටමින් සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළ බවත් වෙළඳ, සංචාරක, විද්‍යා සහ සංස්කෘතික ක්ෂේත්‍රවල සබඳතා පුළුල් කරන බවත් අමීර් අබ්දුල්ලාහියන් පවසා තිබිණි.
මේ වන විට ඉරානය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ ප්‍රමුඛ සතුරා බවට පත්ව ඇත.
ඒ, ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙනි.
රතු මුහුදේ හූති සටන්කරුවන්ට ඉරානය උපකාර කරන බවටද අමෙරිකාව චෝදනා කරයි.
හැකි පළමු අවස්ථාවේදී ඉරානයට පහරදෙන ලෙස ඇමෙරිකාව ඊශ්‍රායලයට දැනුම්දී ඇත.
ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙවැනි පසුබිමකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart