
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව ඇතුළු “මිත්‍රශීලී” රටවල් සමඟ සිය විද්‍යාත්මක දැනුම, තාක්‍ෂණික දැනුම සහ විශේෂඥතාව බෙදාගැනීමට ඉරානය සූදානමින් සිටින බව ඉරාන ජනාධිපති ඒබ්‍රහිම් රයිසි පවසයි.
ඉරාන ජනාධිපතිවරයා මෙරට විදේශ ඇමැති අලි සබ්‍රි සමඟ ටෙහෙරානයේ දී පැවති හමුවකදී මෙසේ සඳහන් කර ඇත.
ඉරාන ජනාධිපතිවරයා දෙරට අතර ආර්ථික සහයෝගීතාව සඳහා ඒකාබද්ධ කොමිසම සක්‍රීය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර ඇතැයි ඔහුගේ කාර්යාලය නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කර තිබේ.
එමෙන්ම පසුගියදා ඇමැති අලි සබ්‍රි ඉරාන විදේශ ඇමැති හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සමඟ ද්විපාර්ශ්වික, කලාපීය සහ අන්තර්ජාතික වර්ධනයන් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව එරට විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉරාන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසම, ඒකාබද්ධ කොන්සියුලර් සහ සංචාරක කොමිෂන් සභා රැස්වීම් පැවැත්වීමට ටෙහෙරානය උනන්දුව බව ද හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart