April 18, 2026

හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වසාදැමූ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) නිවේදනය කරයි.

ඇමෙරිකාව නැවත නැවතත් පොරොන්දු කඩකිරීම හේතුවෙන් මෙම පියවර ගත බව IRGC සඳහන් කරයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි X හි කෙටි සටහනකින් ඊයේ කියා සිටියේ ලෙබනනයේ සටන් විරාමයට අනුකූලව හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලුම වාණිජ නැව් සඳහා “සම්පූර්ණයෙන්ම විවෘත” බවයි.

කෙසේවෙතත්, “ඇමරිකානුවන් ඔවුන්ගේ පොරොන්දු නැවත නැවතත් කඩකරමින්, මුහුදු කොල්ලකෑම්වල නිරත වන” බව ඉරානය පෙන්වාදෙයි.

“මේ හේතුව නිසා, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය එහි පෙර තත්වයට පැමිණ ඇති අතර, මෙම උපායමාර්ගික සමුද්‍ර සන්ධිය සන්නද්ධ හමුදාවන්ගේ දැඩි කළමනාකරණය සහ පාලනය යටතේ පවතී,” යනුවෙන් IRGC වැඩිදුරටත් සඳහන් කරයි.