June 20, 2026

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ටෙහෙරාන් සහ වොෂින්ටන් පාලනයන් අතර මෑතකදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම සමුද්‍රීය ගමනාගමන කටයුතු සඳහා වසා දැමීමට ඉරාන මධ්‍යම යුද අණදෙන මූලස්ථානය පියවර ගෙන තිබේ.

ඉරානයේ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන මෙහ්ර් (Mehr) පුවත් සේවයට අනුව, ‘ඛාතම් අල්-අන්බියා’ මධ්‍යම මූලස්ථානය ප්‍රකාශ කර ඇත්තේ දෙරට විසින්ම අදාළ ගිවිසුම දිගින් දිගටම උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බවයි.

මෙම වසා දැමීම ‘පළමු පියවර’ පමණක් බවට අනතුරු අඟවා ඇති යුද අණදෙන මූලස්ථානය, මෙම උල්ලංඝනය කිරීම් තවදුරටත් සිදුවුවහොත් ඉදිරියේදී තවත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටද ඉඟිකර ඇත.

ගිවිසුමේ කොන්දේසිවලට ගරු නොකරන බවට සාක්ෂි ලෙස ඉරාන බලධාරීන් පෙන්වාදෙන්නේ දකුණු ලෙබනනයේ සිදුවන ඊශ්‍රායල යුද මෙහෙයුම්ය.

විදේශීය ජනමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දකුණු ලෙබනනයේ අලුයම සිට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 32 දෙනකුවත් මියගොස් ඇති බවයි.