
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහල සඳහා රුපියල් බිලියන 2.5කට වඩා වටිනා රසායනාගාර ප්‍රතික්‍රියාකාරක මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පසුගිය වසර තුන තුළ මෙම මිලදී ගැනීම් අදාළ අනුමැතියකින් තොරව සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, මිලදී ගත් ප්රතික්රියාකාරකවලින් සමහරක් කල් ඉකුත් වීමට ආසන්න බව සොයාගෙන ඇත.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෘත්තීය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ගොනු කර ඇති පැමිණිල්ලකින් පසුව මෙම පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව දැනටමත් මූලික සාක්ෂි එකතු කිරීම ආරම්භ කර ඇති අතර සැප්තැම්බර් 1 වැනිදා වෛද්‍ය සංජීවගෙන් පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඔහු වෙත තහවුරු කර ඇත.
වෛද්‍ය සංජීව කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොළඹ ජාතික සෞඛ්‍ය සේවා අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂවරයකු, වෛද්‍ය විශේෂඥයන් කිහිප දෙනෙකු සහ රසායනාගාර කාර්මික ශිල්පීන් මෙම සැක සහිත මිලදී ගැනීම් සඳහා වගකිව යුතු බවයි.
ඔහුගේ පැමිණිල්ලට අනුව, රසායනාගාර ප්‍රතික්‍රියාකාරක වසර තුනක කාලයක් තුළ ‘ප්‍රාදේශීය මිලදී ගැනීම්’ කාණ්ඩය යටතේ අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිසි අනුමැතියකින් තොරව මිලදී ගෙන ඇත.
සමහර ප්‍රතික්‍රියාකාරක දූෂිත හෝ කල් ඉකුත් වීමට ආසන්න බවත්, කොන්ත්‍රාත්තු අනුමත නොකළ මිල ගණන් යටතේ තනි සමාගමකට ලබා දී ඇති බවත් ඔහු තවදුරටත් චෝදනා කළේය.
“මෙය මහජන අරමුදල් සහ රෝගීන්ගේ ආරක්ෂාව යන දෙකම අවදානමට ලක් කරන බරපතළ කාරණයක්. රජයට සිදු වූ මූල්‍යමය පාඩුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ වංචාවෙන් වාර්තා වූ පාඩුවට වඩා බෙහෙවින් වැඩියි කියලා සැක කරනවා. විගණන වාර්තාවලින් පෙනී යන්නේ රුපියල් බිලියන 2.5ක මෙම සැක සහිත මිලදී ගැනීමේ යාන්ත්‍රණය මෙම වසරේ අප්‍රේල් දක්වා පැවතුන බවයි. CID එකෙන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පරීක්ෂණ සිදු කර වගකිවයුත්තන් හැකි ඉක්මනින් නීතිය හමුවට පමුණුවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart