
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට පොලිස්පති ධුරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් නවයේ අවසන් තීරණය දක්වා මෙම නියෝගය බලපැවැත්වෙනු ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අචල වෙංගප්පුලි සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමට ද අධිකරණය තවදුරටත් අවසර ලබා දුන්නේය.
ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, විරාන් කොරයා, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු, ලක්ෂාන් ඩයස්, තිෂ්‍ය වේරගොඩ යන පිරිස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඔමේෂ් ද සිල්වා පෙනී සිටියේය.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart