
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස්නාහිර පළාතේ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් 100ක් පමණ එම රාජකාරිවලින් ඉවත්කර කොළඹ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර තිබේ.
ඒ, සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ වාහන සොරකම්, රන් මාල කොල්ලකෑම් වැනි අපරාධ වැළැක්වීමට සහ ආරක්ෂාව තර කිරීමට බස්නාහිර පළාතේ බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරීන් කොළඹ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබාදුන් උපදෙස් අනුවය.
පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි දීප ව්‍යාප්ත මෙහෙයුම් තීව්‍ර කිරීමට පොලිසිය සැළකිව යුතු පිරිසක් පසුගිය සති කිහිපය තුළ එම කාර්යයන් සඳහා යොදවා තිබිණි.
පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පොලිසිය සිය විශේෂ මෙහෙයුම් පවත්වාගෙන යන බැවින් මීට පෙර බස්නාහිර පළාතේ ස්ථානගතව සිටි බුද්ධි අංශ නිලධාරීන් කොළඹ සාමාන්‍ය රාජකාරි සඳහා යළි යෙදවීමට පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ වාර්තාවීමත් සමග එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ දූෂිත නිලධාරීන් හඳුනාගැනීම ද බුද්ධි අංශ නිලධාරීන්ට පැවරී තිබිණි.
ඒ අනුව එවැනි දූෂිත නිලධාරීන් පිළිබඳ තොරතුරු රැස් කිරීමට ද බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබිණි.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් ඉදිරි උත්සව සමයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart