November 19, 2026

ඩුබායි හි රැඳී සිටින මෙරටට අවශ්‍ය ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කිර්ම සම්බන්ධයෙන් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක ප්‍රධාහීන් අතර හමුවක් ඩුබයි හිදී පවත්වා තිබේ.

ඩුබායි පොලිස් සහ මහජන ආරක්ෂත නියෝජ්‍ය ප්‍රධාහී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ෆෙඩරල් පොලිස් කවුන්සිලයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් දායි කෆාන් තමීම් ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම විශේෂ සාකච්ඡාව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සමඟ එක්ව ඇති බව වාර්තා වේ.

මේ දිනවල පැවැත්වෙන 2026 ලෝක පොලිස් සමුළුවට සහභාගිවීමට ඩුබායි බලා ගොස් සිටින පොලිස්පතිවරයා ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන මෙම සාකච්ඡාව පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මර්ග සඳහන් කරයි.

ඩුබායි ඇතුළු එක්සත් අරාබී එමීර් රාජ්‍යය පුරා සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත්, එරටින් පිටුවහල් කිරීම කඩිනම් කරගැනීමටත් මේ වනවිටත් ලබා දෙන රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ගැන මෙහිදී පොලිස්පතිවරයා එම නිලධාරීන්ට සිය ස්තූතිය පළ කර තිබේ.