
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද උදෑසන කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇතැයි වාර්තා වේ.
එහිදී පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම්දී ඇතැයි ‘අද දෙරණ’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මෙම කරුණට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පුද්ගලයකු කැඳවනු ලැබූ අවස්ථාවේදී එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා සහ ඊට අදාළ අන්තර්ගත කරුණු පිළිබදව ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පුද්ගලයාට දැනුම් දිය යුතු බව දැක්වෙන චක්‍රලේඛයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ චක්‍රලේඛයේ පිටපතක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම මැයි මස 09 වනදා කැඳවීමට ද නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart