
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 50,000 ක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමට අනුව කොළඹ ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේ දී එම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර ආයතනය සඳහා බදු නිෂ්කාශන වාර්තාවක් ලබාදීම සඳහා සැකකාර නිලධාරියා පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම පවසයි.
ඒ සඳහා සැකකාර නිලධාරියා රුපියල් 100,000 ක අල්ලසක් ඉල්ලා ඇති නමුත් පසුව එය රුපියල් 50,000 දක්වා අඩුකර තිබේ.
ඉන් පසුව මූලික ගෙවීම වශයෙන් ව්‍යාපාරිකයා රුපියල් 42,000ක් එම නිලධාරියාට ගෙවා තිබුණේ ජූලි 3 වැනිදාය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතිරි රුපියල් 8000 ඊයේ ලබාගන්නා අතරතුරදීය.
අත්අඩංගුවට ගත් සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart