
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 දී අනිවාර්ය නිවාඩු යවන ලද මූල්‍ය අධ්යක්ෂවරයකු විසින් ගොනුකරන ලද නඩුවකට අදාළ නීතිමය කටයුතු සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 15.01 ක් වියදම් කර ඇති බව පොදු ව්‍යවසායන් පිළිබඳ කාරක සභාවේ (COPE) රැස්වීමකදී අනාවරණ වී තිබේ.
එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ නඩුවේදී එම අධිකාරිය නියෝජනය කරන නීතිඥවරයකුට අධිකරණයේ පෙනීසිටීම සඳහා රුපියල් 600,000 ක් ගෙවා ඇති බවයි.
අදාළ මූල්‍ය අධ්යක්ෂවරයා සම්පූර්ණ පසුගෙවුම් වැටුප් සහ දීමනා සහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස අධිකරණය නියෝග කළ නමුත් අධිකාරිය එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, නීතිමය කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතී.
මෙම කාලය තුළ පෞද්ගලික න්යායපත්ර හේතුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග හමුවේ අදාළ නිලධාරියාට අපහසුතාවලට මුහුණපෑමට සිදුව ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මහජන මුදල් අවභාවිතය සිදුවී ඇති බවත් කෝප් කමිටුව පෙන්වා දී ඇත.
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 සඳහා විගණකාධිපති වාර්තා පරීක්ෂා කිරීම සහ වත්මන් කාර්යසාධනය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නිශාන්ත සමරසිංහගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව ඔක්තෝබර් 8 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම සිද්ධිය අනාවරණය විය.
අධිකාරියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 5.59 ක ඉංජිනේරු ඇස්තමේන්තුවක් සකස් කර තිබුණද, සුදුසුකම් ලත් ඉංජිනේරුවෙකු විසින් එය අනුමත කර නොමැති බව කමිටුව ද සඳහන් කළේය.
ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම නිසා කොන්ත්‍රාත්කරුවකු සොයාගැනීම දුෂ්කර වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, හැකි අවම පිරිවැයකින් කොන්ත්‍රාත්කරුවකු බඳවාගෙන තිබිණි.
කෙසේවෙතත්, පිරිවැය අඩු වුවද, නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු බවත්, අනාගතයේදී එවැනි ගැටළු නැවත ඇති නොවිය යුතු බවත් කෝප් කමිටුව අවධාරණය කර තිබේ.
නව සේවක සංඛ්‍යාවක් අනුමත කිරීම සහ අත්‍යවශ්‍ය තනතුරුවල පවතින පුරප්පාඩු පිළිබඳව ද එහිදී සාකච්ඡා පවත්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart