
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2015 දී ඩොලර් මිලියන 25 ක අලාභයක් රජයට සිදුකරමින් සීනි ආනයන බලපත්‍රයක් අනිසි ලෙස ලබා දුන් බවට සැකපිට හිටපු වෙළඳ ඇමතිවරයකු ඉන්දුනීසියානු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දුනීසියාවේ සීනි අතිරික්තයක් ඇති අවස්ථාවක පෞද්ගලික සමාගමකට බලපත්‍රය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තෝමස් ට්‍රයිකාසි ලෙම්බොන්ග් සැකකරුවකු ලෙස නම් කර අඟහරුවාදා නීතිපති කාර්යාලයේ නඩු පවරන්නන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එම කාර්යාලය පවසයි.
“එවකට ඉන්දුනීසියාවට සීනි ආනයනය කිරීමට අවශ්‍ය නොවීය, නමුත් (ලෙම්බොන්ග්) සීනි මෙට්‍රික් ටොන් 105,000ක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදුන්නේය,” යැයි නීතිපති අබ්දුල් කොහාර් ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.
වෙනත් රාජ්‍ය ආයතන වෙතින් කිසිදු විමසීමක් හෝ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශයක් මේ සඳහා නොතිබූ අතර, මෙම තීරණය හේතුවෙන් ඉන්දුනීසියානු රුපියා බිලියන 400 ක (ඩොලර් මිලියන 25.42) අලාභයක් සිදුව ඇති බව ඔහු සන්ද්දහන් කළේය.
මාධ්‍ය හමුවෙන් පසු මාංචු දමා රැගෙන ගිය ලෙම්බොන්ග් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ “මම සියල්ල සර්වබලධාරී දෙවියන්ට භාර දෙමි” යනුවෙනි.
ශ්‍රී ලංකාවේද මෙවැනිම මහාපරිමාණ සීනි වංචාවක් සිදුවූ නමුත්, ඊට වගකිවයුත්තන්ට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart