
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොවැම්බර් 14 පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු මීළඟ පාර්ලිමේන්තුව රැස් වී අවසන් තීරණයක් ගැනීමට පෙර උතුරේ අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතිය ඇතුළු ඉන්දියාව සමඟ සම්බන්ධවන ව්‍යාපෘති සියල්ල සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී විදුලිබල හා බලශක්ති, වෙළෙඳ, ආර්ථික හා මූල්‍ය කටයුතු සහ ජනතාව අතර සම්බන්ධතා ආවරණය වන සම්බන්ධතා ව්‍යාපෘති පිගණනාවකට දෙරට එකඟ වී තිබිණි.
එයට අනුව, පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමට, ද්විපාර්ශ්වික විදුලි වෙළඳාම සක්‍රීය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවක් ඇති කිරීමට දෙපාර්ශ්වය එකඟ විය.
ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම ද තවත් එවැනි ව්‍යාපෘතියකි.
එමෙන්ම ඉඩම් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය වෙනස් වීමකදී මෙම සියලු ව්‍යාපෘතිවල වැඩකටයුතු සහ ඒ ආශ්‍රිත අනෙකුත් ආයෝජන වෙනස් නොවීමට ඉන්දියාව උනන්දු වී ඇත.
කෙසේවෙතත්, රජයේ ආරංචි මාර්ග පැවසුවේ දෙරට සම්බන්ධ වන සියලුම ව්‍යාපෘති ඒවායේ වර්තමාන තත්ත්වය තක්සේරු කිරීම සඳහා සමාලෝචනය වෙමින් පවතින බවයි.
ඒ අනුව අදාළ ව්‍යාපෘති ඉදිරියට යනවාද, දැනටමත් අත්සන් කර තිබෙන අවබෝධතා ගිවිසුම් සංශෝධනය කිරීම හෝ දැනට අත්සන් කර නොමැති නම් ඒවාට නැවුම් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ආදිය සම්බන්ධයෙන් මහ මැතිවරණය අවසන් වීමට පෙර කිසිදු තීරණයක් ගැනීමට රජය උනන්දු නොවනු ඇත.
ජනාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරයේදී ද අදානි බල ව්‍යාපෘති සමාලෝචනය කරන බවට ප්‍රතිඥා දී තිබිණි.
ආරංචි මාර්ග අනුව ව්‍යාපෘති ඇගයීමට ලක් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart