
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා මේ බව අනාවරණය කළේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ, සිදුවූ බව කියන තරග පාවාදීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදීය.
2024 ලෙජන්ඩ් ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් කළමනාකරුවකු වන යෝගි පටෙල්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව අධිකරණයට මෙලෙස දැනුම්දෙනු ලැබීය.
තරඟ පාවාදීමේ චෝදනා මත ලෙජන්ඩ් ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් කළමනාකරුවන් දෙදෙනකු වන යෝගි පටෙල් සහ පී.ආකාශ්ට රට හැරයෑම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබිණි.
විශ්‍රාමික අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 7ක් සහභාගී වන Legend Cricket League තරඟාවලිය මාර්තු මාසයේ පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මහනුවර සෑම්ප් යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සහ පන්ජාබ් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන නවසීලන්ත සුපිරි ක්‍රීඩක නීල් බෲම් තරග පාවාදීමේ ගනුදෙනු සඳහා බලපෑම් කළ බවට කරන ලද පැමිණිල්ලක් මත මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ විය.
Legend Cricket League 2024 මාර්තු 8 සිට මාර්තු 19 දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart