July 17, 2025

නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔවුන්ගේ දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ භාරදීම සිදුකර ඇත.