
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකයේම අවධානය යොමුව තිබූ බෙල්ජියමේ Tomorrowland ප්‍රසංගයේ ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වී තිබේ.
ගින්නෙන් ප්‍රධාන වේදිකාවට දැඩි ලෙස හානි සිදුවී ඇතැයි එහි සංවිධායකයෝ පැවසූහ.
ගින්නෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ද සංවිධායකයෝ පවසති.
කෙසේවෙතත් මෙම කණගාටුදායක සිදුවීම වාර්තා වුණේ එම ප්‍රසංගය පැවැත්වීමට දින දෙකකට පෙරය.
Tomorrowland සංගීත උළෙල හෙට දිනයේ බූම් නගරයේ ආරම්භ වීමට නියමිතව තිබූ අතර සති අන්තය හේතුවෙන් 400,000 ක ප්‍රේක්ෂකයින් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.
David Guetta, Lost Frequencies, Swedish House Mafia සහ Charlotte De Witte ඇතුළු කලාකරුවෝ සිය ගණනක් ඒ සඳහා සහභාගීවීමට නියමිතව සිටියහ.
ඊයේ පස්වරු 06 ට පමණ ආරම්භ වූ ගින්නෙන් වේදිකාව සම්පූර්ණයෙන් පාහේ ගිනිගෙන විනාශ වන අයුරු සහ ඝණ කළු දුමාරයක් ඉන් ඉහළ අහසට නැගෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ මගින් පෙන්නුම් කෙරේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart