
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ග්‍රීක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට කෝටි ගණනක පාඩුවක් සිදුකරමින් දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් එවක හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
2012 වසර වන විට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන්
රජයට පාඩු සිදු කළ බවට අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කර තිබිණි.
ඉන් ප්‍රකාශ වී තිබුණේ අදාළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් 1,843,267,595ක පාඩුවක් සිදුව ඇති බවයි.
ඒ සම්බන්ධ විමර්ශන කටයුතුවලින් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව චූදිතයන් 5 දෙනෙකුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
මෙහි චූදිතයන් වන්නේ හිටපු මහ බැංකු අධිපති නිවාඩ් අජිත් කබ්රාල්, කන්කානම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ එච්.ඒ. කරුණාරත්න යන පිරිසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart