
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙබරවාරි 12 වැනිදා සිට ඉන්දියානු අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිත බව විදේශ ඇමැති අලි සබ්‍රි ප්‍රකාශ කරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන නායකයන් සමඟින් ඉන්දියාවේ UPI පද්ධතිය පෙබරවාරි 12 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිත බව විදේශ ඇමැතිවරයා අනාවරණය කරයි.
UPI ලෙස පොදුවේ හඳුන්වන ඒකාබද්ධ ගෙවීම් අතුරු මුහුණත, 2016 දී ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව (NPCI) විසින් වැඩි දියුණු කරන ලද ඉන්දියානු ක්ෂණික ගෙවීම් පද්ධතියකි.
මෙම අතුරු මුහුණත ජංගම දුරකතනයක් හරහා අන්තර් බැංකු peer-to-peer (P2P) සහ පුද්ගලයාගෙන් වෙළෙන්දාට (P2M) ගනුදෙනු පහසුකම් සපයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart