
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව පුරා වසරකට මිලියනයකට අධික පිරිසක් බිලිගන්නා ක්ෂය රෝගයට එරෙහිව අත්හදා බලමින් පවතින නවතම එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ සේරම් ආයතනය සහ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමට අනුබද්ධ ගේට්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය (Gates MRI) අතර සුවිශේෂී ගිවිසුමකට එළඹ තිබේ.
මේ බව සේරම් ආයතනය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා නිල වශයෙන් නිවේදනය කළේය.
‘M72/AS01E’ ලෙස නම් කර ඇති මෙම නව එන්නත සාර්ථක වී නියාමන අනුමැතිය හිමිවුවහොත්, එය වසර 100කට අධික කාලයකට පසු ලෝකයට ලැබෙන පළමු නව ක්ෂය රෝග එන්නත බවට පත්වනු ඇත.
මෙම එන්නත වසර විසි ගණනක තිස්සේ පර්යේෂණ මට්ටමේ පැවති එකක් වන අතර, මේ වන විට එහි අවසන් අදියරේ සායනික පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.
අනාගතයේදී එන්නත සඳහා අනුමැතිය ලැබුණු වහාම එය ලෝක වෙළඳපොළට සැපයීමට හැකිවන පරිදි, තම නිෂ්පාදන ධාරිතාවය මහා පරිමාණයෙන් ඉහළ නැංවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් ආයෝජනය කිරීමට සේරම් ආයතනය සැලසුම් කර ඇත.
මෙම ගිවිසුම යටතේ එන්නතෙහි ප්‍රතිදේහජනකය (antigen) නිපදවීමට සහ එය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන තාක්ෂණය මෙන්ම ඒ හා සබැඳි විශේෂඥ දැනුම (know-how) ගේට්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ඉන්දීය සේරම් ආයතනය වෙත පවරනු ලබන බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart