
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අප්‍රේල් 22 වන දින පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පකිස්ථානයට එරෙහිව සිදු කළ කඩිනම් සහ නිවැරදි ප්‍රතිප්‍රහාරය රට මිලිටරිමය වශයෙන් කැළඹීමට පමණක් නොව එහි ඉහළ නායකත්වය තුළ භීතියක් ඇති කිරීමට ද හේතු විය.
මැයි මාසයේදී එල්ල වූ එම ප්‍රහාර මාලාවේදී තමාට බංකරයක නවාතැන් ගන්නා ලෙස ආරක්ෂක අංශ උපදෙස් දුන් බව පාකිස්තාන ජනාධිපතිවරයා පිළිගත්තේය.
සෙනසුරාදා පැවති උත්සවයකදී අදහස් දක්වමින් පකිස්ථාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි හෙළි කළේ, මැයි මාසයේදී එල්ල වූ ඉන්දීය ප්‍රහාර අතරතුර, තම හමුදා ලේකම්වරයා ආරක්ෂාව සඳහා බංකරයකට යන ලෙස හදිසියේ උපදෙස් දුන් බවයි.
එහෙත් හමුදා ලේකම්වරයාගේ අනතුරු ඇඟවීමක් නොතකා තමන් බංකරයට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළ බව ද සර්දාරි පැවසුවේය.
ඉන්දියාවේ ප්‍රහාර හමුවේ පකිස්තානයේ පාලන තන්ත්‍රය නියෝජනය කරන ඉහළ පෙළේ නායකයින් සඳහා නිකුත් කර තිබූ වූ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් මෙමගින් පෙන්නුම් කරන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් විශ්‍රාමික ඉන්දීය හමුදා නිලධාරියෙක් වන ලුතිනන් ජෙනරාල් කේජේඑස් ඩිලන් උපුටා දක්වමින් ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ මුළු පකිස්ථාන දේශපාලන නායකත්වය සහ හමුදා ප්‍රධානීන් ඉන්දීය ප්‍රහාර අතරතුර බංකර්වල සැඟවී සිටි බවයි.
ඉන්දියාව දියත් කර තිබූ ‘සින්දූර් මෙහෙයුම’ යටතේ ඉන්දීය හමුදාව සහ ගුවන් හමුදාව විසින් සිදු කරන ලද උපායශීලී ප්‍රහාරවලදී, අවම වශයෙන් පකිස්තානයේ පිහිටි බව කියන ත්‍රස්ත කඳවුරු නවයක් විනාශ කරන ලද අතර ත්‍රස්තවාදීන් සියයකට වැඩි පිරිසක් ඝාතනය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart