
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය නාවික හමුදාවේ සාගර මෙහෙයුම් බලය සහ වෙරළාරක්ෂක ධාරිතාව ඉහළ නැංවීම සඳහා දේශීය තාක්ෂණයෙන් නිපදවන ලද නවීනතම නාවික යාත්‍රා තුනක් නිල වශයෙන් නාවික හමුදා සේවයට එක් කර තිබේ.
කොල්කටා නුවර ‘ශ්‍යාමා ප්‍රසාද් මුකර්ජි’ වරායේදී පැවැති විශේෂ උත්සවයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදු විය.
මෙසේ නාවික බලඇණියට එක් වූ යාත්‍රා 3 මෙසේය:
INS දුනගිරි (INS Dunagiri): උසස් රේඩාර් නාශක ප්‍රහාරක නෞකාවකි (Advanced stealth frigate).
INS සංශෝධක් (INS Sanshodhak): මහා පරිමාණ ජලලේඛන සමීක්ෂණ නෞකාවකි (Large hydrographic survey vessel).
INS අග්රේ (INS Agray): නොගැඹුරු මුහුදේ සබ්මැරීන් නාශක මෙහෙයුම් සඳහා භාවිත වන සටන් යාත්රාවකි.
කලාපීය භූදේශපාලනික අභියෝග හමුවේ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම යාත්‍රා උපකාරී වන බව ඉන්දීය රජය පවසයි.
මෙහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, ලෝකයේ මහා බලවතෙකු වීමට නම් ශක්තිමත් නාවික බලයක් අත්‍යවශ්‍ය බවයි.
ගෝලීය වෙළඳාම, සන්නිවේදන රැහැන් මෙන්ම අනාගතයේදී බලශක්ති සහ ඛනිජ සම්පත්වල අයිතිය තීරණය වන්නේ සාගරය මත බැවින්, රටක ආර්ථික සහ මූලෝපායික ශක්තිය නාවික බලය මත රඳා පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“ශක්තිමත් නාවික බලයක් නොමැතිව කිසිදු රටකට ලෝකයේ මහා බලවතෙකු ලෙස නැගී සිටින්න බැහැ…” යැයි මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මෝදි පැවසීය.
කලාපීය භූදේශපාලනික අභියෝග සහ වෙරළ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව තැබූ සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart