
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂය අද රට පුරා විරෝධතා මාලාවක් සංවිධාන කර තිබිණි.
ඒ, එරට මූල්‍ය අපරාධ ඒජන්සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි සහ ඇගේ පුත්‍රයා වන රාහුල් ගාන්ධි ඇතුළු පිරිසට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමෙන් පසුවය.
නැෂනල් හෙරල්ඩ් පුවත්පතේ රුපියල් බිලියන 20කට වඩා වත්කම් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීම සඳහා ගාන්ධිවරුන් ‘ෂෙල් සමාගමක්’ පිහිටුවා ඇති බවට චෝදනා කරමින්, ඉන්දීය නීතිය බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය අඟහරුවාදා දිල්ලි අධිකරණයට සිය විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ.
කොංග්රස් පක්ෂ ප්‍රකාශක ජෙයිරාම් රමේෂ් ආණ්ඩුව විසින් එල්ල කරන ලද චෝදනා පළිගැනීමේ සහ බියගැන්වීමේ දේශපාලන ක්‍රියා ලෙස හැඳින්වීය.
කෙසේවෙතත් ගාන්ධිවරුන් මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
ANI ප්රවෘත්ති ඒජන්සියට අනුව, විමර්ශනය මගින් කොංග්රස් පක්ෂයේ විදේශ ප්‍රධානී සෑම් පිට්රෝඩා ඇතුළු අනෙකුත් සාමාජිකයන්ට ද චෝදනා එල්ල වී තිබේ.
පාලක භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයකු වන සුබ්‍රමනියන් ස්වාමි විසින් ගොනුකරන ලද පෞද්ගලික පැමිණිල්ලකින් පසුව නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය 2021 දී එම චෝදනා විමර්ශනය කිරීම ආරම්භ කළේය.
ස්වාමි චෝදනා කළේ, ගාන්ධිවරු පක්ෂයේ අරමුදල් භාවිත කරමින්, දැනට අක්‍රියව පවතින නැෂනල් හෙරල්ඩ් පුවත්පත ප්‍රකාශයට පත්කළ ඇසෝසියේටඩ් ජර්නල්ස් ලිමිටඩ් අත්පත් කරගත් බවත්, ඒ ඔස්සේ නීතිවිරෝධී ලෙස මිලියන ගණනක් වටිනා දේපළ අත්පත් කරගත් බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart