January 4, 2026

ඉන්දියාවේ රජය විසින් පවත්වාගෙන යනු ලබන පළමු කෘතිම බුද්ධි (AI) සායනය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්‍රේටර් නොයිඩා හි රජයේ වෛද්‍ය විද්‍යා ආයතනය විසින් ආරම්භ කර තිබේ.

එය කෘතිම බුද්ධිය මහජන සෞඛ්‍ය සේවයට ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරයි.

මෙම ව්‍යාපෘතිය මගින් රෝග හඳුනා ගැනීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර, විශේෂයෙන් පිළිකා සහ හෘද, වකුගඩු සහ අක්මා රෝග වැනි තත්වයන් සඳහා භාවිත කළ හැකි බව විශේෂඥයින් පෙන්වා දී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, සායනය මුල් අවධියේදී රෝග හඳුනා ගැනීම, රුධිර පරීක්ෂණ විශ්ලේෂණය කිරීම, ස්කෑන් කිරීම සහ සුවවීමේ ප්‍රතිඵල පුරෝකථනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය ජානමය පරීක්ෂාව සමඟ ඒකාබද්ධ කරනු ඇත.

GIMS හි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රාකේෂ් කුමාර් ගුප්තා පැවසුවේ, පුළුල් පරාසයක රෝග විනිශ්චය යෙදවුම් විශ්ලේෂණය කිරීම සඳහා සායනය AI භාවිතා කරන බවයි.