
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙරට අතර සාගරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් සාර්ථක නිල සංචාරයක නිරත වූ ඉන්දීය නාවික හමුදාවට අයත් පළමු පුහුණු නෞකා බලඝණයේ (1TS) ‘අයි.එන්.එස්. තීර්’ (INS Tir), ‘අයි.එන්.එස්. සුජාතා’ (INS Sujata) සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් ‘අයි.සී.ජී.එස්. සාරති’ (ICGS Sarathi) යන නෞකා ත්‍රිත්වය කොළඹ වරායෙන් පිටත්ව ගියේය.
ඉන්දීය රජය නිකුත් කළ නිල නිවේදනයකට අනුව, මෙම සංචාරය පුරා ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර ද්විපාර්ශ්වික වැඩසටහන් රැසක් පැවැත්වුණු අතර, එමගින් දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව සහ සාගරික හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු විය.
වරාය නිරීක්ෂණ සංචාරය අතරතුර, පළමු පුහුණු නෞකා බලඝණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඇතුළු අදාළ නෞකාවල අණදෙන නිලධාරීහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බස්නාහිර නාවික විධානය භාර ආඥාපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වූහ. මෙම හමුවේදී දෙරට නාවික හමුදාවන් අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතාවය මෙන්ම සාගරික සහයෝගීතාව වර්ධනය කරගැනීමට ඇති පොදු කැපවීම නැවත වරක් අවධාරණය කෙරිණි.
ඊට ප්‍රත්‍යුත්තරයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා විද්‍යාපීඨයේ නාවික නිලධාරින් පිරිසක් ඉන්දීය නෞකාවල සංචාරය කළ අතර, එම බලඝණයේ පුහුණු පහසුකම් සහ ක්‍රියාකාරකම් පිළිබඳව නිරීක්ෂණය කිරීමට එහිදී ඔවුන්ට අවස්ථාව හිමිවිය. මෙම අන්‍යෝන්‍ය සබඳතා හරහා දෙරටේම පුහුණුවන නාවික නිලධාරීන්ට තම අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, වෘත්තීය මිත්‍රත්වය තහවුරු කර ගැනීමටත් හැකියාව ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart