
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1949 බුද්ධගයා විහාර පනත අභියෝගයට ලක්කරමින් සහ බුද්ධගයාවේ මහාබෝධි විහාරය බෞද්ධ ප්‍රජාව විසින් තනිව පාලනය කිරීම හා කළමනාකරණය කිරීමට අවසර ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි වගන්තිය යටතේ ගොනුකර තිබූ මෙම පෙත්සම විභාග කළේ එම් එම් සුන්ද්රේෂ් සහ කේ විනෝද් චන්ද්‍රන් යන විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් විනිසුරු මඩුල්ලක් විසිනි.
මෙම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවත්වාගෙන යා නොහැකි බව පැවසූ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරුට පැට්නා මහාධිකරණය වෙත යෑමට උපදෙස් ලබාදුන්නේය.
1949 පනත සංශෝධනය කර මහාබෝධි විහාරස්ථානයේ පාලනය බෞද්ධ ප්‍රජාවට පවරා දෙන ලෙස මධ්‍යස්ථානයට සහ බිහාර් රජයට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි සුලේඛතායි නලිනිතායි නාරායන්රාඕ කුම්භරේ විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.
රාජ්‍ය අධීක්ෂණය යටතේ හින්දු සහ බෞද්ධ නියෝජිතයන් ඇතුළත් වත්මන් පාලන ව්‍යුහය බෞද්ධයන්ගේ ආගමික අයිතීන් හෑල්ලූවට ලක්කරන බවත්, ඔවුන්ගේ අධ්‍යාත්මික හා සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුකූලව පූර්ණ බෞද්ධ පාලනයක් ඉල්ලා සිටින බවත් පෙත්සම්කරු එමගින් තර්ක කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart