
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට (BJP) අභියෝග කිරීම සඳහා, ඉන්දියාවේ විරුද්ධ පක්ෂ දුසිම් දෙකකට අධික සංඛ්‍යාවක් එක්ව “ඉන්දියා”(INDIA) නමින් සභාගයක් පිහිටුවා ඇත.
මෙම තීරණය අඟහරුවාදා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කරනු ලැබුවේ, ඉන්දියාවේ බෙංගලෝරු හි පැවති පක්ෂ 26ක දෙදින සමුළුවකින් පසුවය.
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන කොංග්රස් පක්ෂයේ සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේට අනුව, ‘ඉන්දියා’ යනු “ඉන්දියානු ජාතික සංවර්ධන ඇතුළත් සන්ධානය” යන්නයි.
විරුද්ධ පක්ෂ 26ක මෙම දෙදින රැස්වීම අවසානයේ ඛාර්ගේ වාර්තාකරුවන්ට පැවසුවේ “ප්‍රධාන ඉලක්කය වන්නේ ප්රජාතන්ත්රවාදය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා එකට නැගීසිටීමයි” යනුවෙනි.
භාරතීය ජනතා පක්ෂයට එරෙහි සටන “ඉන්දියාවේ අදහස සහ ඉන්දීය ජනතාවගේ හඬ ආරක්ෂා කිරීමේ” උත්සාහයක් බව කොංග්රස් ප්‍රධානී රාහුල් ගාන්ධිද ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart