
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ ඉලෙයරාජාගේ දියණිය මෙන්ම පසුබිම් ගායිකාවක ද වන භවතරිණී පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට පැමිණ සිටියදී ඊයේ (බ්‍රහස්පතින්දා 25)මියගොස් තිබේ.
වාර්තා වන අන්දමට ඇය පැමිණ ඇත්තේ අක්මා පිළිකාවකට ප්‍රතිකාර ගැනීම සඳහාය.
කෙසේවෙතත්, ඊයේ සවස 5ට පමණ ඇය මියගොස් තිබේ.
ඇයගේ දේහය අද (ජනවාරි 26) චෙන්නායි වෙත ගෙන ඒමට නියමිත අතර එහිදී අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත.
47 හැවිරිදි භවතරිණී ජීවත්ව සිට ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයා සමගිනි.
ඇය ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ ඉලයරාජාගේ දියණිය වන අතර කාර්තික් රාජා සහ යුවන් ශංකර් රාජාගේ සහෝදරියයි.
ඇය ‘භාරතී’ චිත්‍රපටයේ ‘මයිල් පොළ පොන්නු ඔන්නු’ දෙමළ ගීතය වෙනුවෙන් හොඳම පසුබිම් ගායිකාවට හිමි ජාතික චිත්‍රපට සම්මානය ද දිනාගෙන තිබේ.
භවතරිණී පසුබිම් ගායිකාවක සහ සංගීත නිර්මාපකයෙක් ද විය.
පසුගිය මාස හයක කාලය තුළ ඇය අක්මා පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි තිබේ.
පසුගියදා ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එහිදී ඇය පෞද්ගලික රෝහලකදී මිය ගියාය.
භවතරිණී මුල්වරට ගායිකාවක් ලෙසින් පිවිසියේ ‘රාසයියා’ චිත්‍රපටියෙනි.
එතැන් සිට ඇය ඇගේ පියා වන ඉලයරාජා සහ සහෝදරයන් වන කාර්තික් රාජා සහ යුවන් ශංකර් රාජා වෙනුවෙන් ගීත ගායනා කළාය.
ඇය දේවා සහ සර්පි යන තනු නිර්මාපකයන්ටද ගීත ගායනා කර ඇත.
2002 දී ඇය රේවතී විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Mitr, My Friend’ චිත්‍රපටයේ නිර්මාපකයා ද වූවාය.
ඉන්පසුව ඇය ‘Phir Milenge’ සහ තවත් චිත්‍රපට කිහිපයක් සංගීතවත් කළාය.
ඇයගේ අවසන් සංගීත ඇල්බමය වූයේ මලයාලම් චිත්‍රපටය වන ‘මායානාධි’ය.
ඇය ‘කදලුක්කු මරියදායි’, ‘භාරතී’, ‘අසාගි’, ‘ෆ්‍රෙන්ඩ්ස්’, ‘පා’, ‘මංකතා’ සහ ‘අනේගන්’ වැනි දෙමළ චිත්‍රපටවල ද ගීත ගායනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart